ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න.

ධර්ම දේශනා ෴



මෙතුවක් කල් ඔබ මොහොතක් සිතුවාද ඇයි ඔබ බණ අසන්නේ කියා...

ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම මූලිකම අරමුණ විය යුතුය. එසේ ම සසරෙන් මිදීම පිණිස ද විය යුතුවේ. ඒ සඳහා ලෝක ස්වභාවය දැනගැනීම, කුසල් - අකුසල් හඳුනා ගැනීම, සතර අපාය දැන ඉන් මිදීම, ආර්ය මාර්ගයට පිවිසීම සඳහා උත්සාහවත් විය යුතුය.
නොදන්නාකම නිසා අද බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙක්ට ධර්මය දියුණු කිරීමට නොහැකි වී තිබේ. ඔබ මෙහි ඇති ධර්ම දේශනා අසන්නේ නම්, ඔබට ඔබ නොදත් බොහෝ දේ දැන හඳුනා ලෝක ධර්මතාව නුවනින් අවබෝධ කර ගත හැකි වේ. එය ඔබට ලැබූන වාසනාවන්ත මිනිසත් භවය ප්‍රයෝජනයට ගෙන, නිසැකවම සතර අපායෙන් මිදෙන්න මඟ පාදා ගැනීමට හේතුවෙනු ඇත.

සද්ධර්ම ශ්‍රවණයෙන් සෝවාන් විය හැකිද..?


නිවන් දැකීමේ දොරටු පහ
   
නිර්වානය ඇත්තේ ඔබ ලඟමය.
(අවසානය තෙක් සවන් දෙන්න.)

ජාතිය ආගම කුලය නොව ප්‍රඥාව ඇත්තන් මේ මඟ යයි. ඔබත් මේ වගේ වාසනාවන්තද...?*


යතිවර නාමයෙන් ධර්ම දේශනා ෴


කවර තැනකදී වුව ඔබ ධර්මදේශනාවන්ට සවන්දෙන විට

1. දේශකයානන්වහන්සේ සිටින දිශාවට දෙපා දික් නොකර වාඩි වෙන්න.
2. දේශකයානන්වහන්සේට පිටුපා වාඩි නොවෙන්න.
3. දේශකයානන්වහන්සේට වඩා උස් අසුන් හි වාඩි නොවෙන්න.
4. යම් අසුනක වාඩිවී දේශනාවන්ට සවන්දෙන්නේනම් දෙපා එකක්පිට එකක් දමා වාඩි නොවෙන්න.
5. සිහියෙන් යුතුව දේශනාවන්ට සවන් දෙන්න.
ධර්මය තුළින් ඔබ ඔබව දකින්න නැවත නැවතත් දහම් අසන්න.
Share this page

free counters
අසන තරමට පින් පිරෙන කුසල් පිරෙන එකම දහම මේ බුදු දහම පමණකි.
X